Alibaba තුලින් 100% නිවැරදි විශ්වාසවන්ත සැපයුම්කරුවකු සොයා ගමු
Alibaba වෙතින් ඔබට අවශ්‍ය සියලුම භාණ්ඩ ඉතාමත් විශ්වාසවන්ත ආකාරයෙන් ලබාගන්න ආකාරය මෙම ලිපියෙන් ඔබට දැනගැනීමට හැකිය.
IMPORTASIAN TRADINGSLOGISTICSLATESTHELPTUTORIALS
Pasan Chathinthaka Perera
11/2/20241 min read


Alibaba හි Buyer කෙනෙකු වශයෙන් ලියාපදිංචිමෙන් පසු www.alibaba.com වෙත නැවත පිවිසෙන්න . එහි Search කිරීමට පෙර Products යන්න Suppliers ලෙස වෙනස් කර ඔබට අවශ්‍ය කරනු ලබන භාණ්ඩය ඇතුලත් කර Search කරන්න.
උදාහරණ : ඔබ Rice cooker යන Search කරන්න , එවිට ඔබට සැපයුම්කරුවන් 2,305 Supplier(s) ක පමණ තොරතුරු ලැබේවි .
එය තවදුරටත් නිවැරදි ආරක්‍ෂිත සැපයුම්කරුවන් සොයාගැනීම සදහා filter කලයුතුය . ඒ සදහා Search කොටසට පහලින් ඇති verified ( නිල් පැහැයෙන් ) box එක ට ✓ දමන්න . එවිට සැපයුම්කරුවන්272 Supplier(s) ක් දක්වා අඩුවනු ඇත.


Alibaba මගින් එම සැපයුම්කරුගේ ආයතනය පිළිබද පුද්ගලිකවම විශේෂ පරීක්ෂාවක් සිදු කිරීමෙන් පසු මෙම Verified සහතිකය නිකුත් කරනු ලැබේ. Alibaba මගින් Verified සහතිකය ලබාගැනීම සදහා Supplier ( factory / wholesale සැපයුම්කරුවන් ) ISO සහතික / Bank Guarantee / මනවසම්පත් සහතික / Business licenses / විවිධ සහතික / විවිධ වාර්තා / විවිධ ලියාපදිංචිවීම් ඉදිරිපත් කිරීම මෙන්ම විශාල මුදලක් Alibaba ආයතනය වෙත ගෙවිය යුතුය .එබැවින් මෙම Verified සහතිකය ලබගත හැක්කේ Genuine Company’s වෙත පමණි . )
Trade Assurance මගින් ගෙවන මුදලට භාණ්ඩ සපයන බවට රක්ෂණයක් ලබාදීමට alibaba වෙත එකග වන Supplier ලා සහතික කෙරේ .දැන් ඔබට ලැබී ඇත්තේ විශ්වසනීය හොදම සැපයුම්කරුවන් කොටසය . මෙම කොටසින්ද වසර ගණන වැඩි Gold supplier ( 5 Year or more ) තෝරාගැනීම වඩාම සුදුසුය .
මෙලෙස ඔබ තෝරාගත් හොදම සැපයුම්කරුවන් කිහිපදෙනා සමග Chat /Email/call/whatsapp/wechat/QQ මගින් සන්නිවේදනය කර වඩාම ගැලපෙන සැපයුම්කරු /භාණ්ඩය සොයාගන්න .පසුව ඔබ තෝරාගත් සැපයුම්කරු වෙත ඔබගේ භාණ්ඩ Guangzhou / Yiwu යන නගරයන්හි ඔබගේ Cargo Agent ලබාදියයුතු බව දන්වන්න . බොහෝ සැපයුම්කරුවන් ඉහත නගර වෙත ප්‍රවාහනය නොමිලේ වන අතර ඇතැම් සැපයුම්කරුවන් අමතර සුළු මුදලක් ප්‍රවාහනයට අය කරනු ඇත .


මුදල් ගෙවීමෙන් තොරව සැපයුම්කරු වෙතින් Name / Photo /Quantity /Unit Price / Total Amount / Total Kilogram (kg) / Total CBM ඇතුලත් " Proforma invoice" ලබාගෙන එය අපගේ ආයතනය වෙත Whatsapp / Email කිරීම මගින් එම භාණ්ඩය ශ්‍රී ලංකාවට ගෙන්වා ඔබගේ අතටම ලබාදීමට අපගේ ගාස්තුව දැනගත හැක .
Alibaba වෙතින් ආරක්ෂිතව භාණ්ඩ මිලදී ගැනීම සඳහා උපදෙස් සහ සහය
Alibaba මගින් චීනයේ නිෂ්පාදන ආරක්ෂිතව මිලදී ගැනීම සඳහා අපගේ පළපුරුදු කාර්ය මණ්ඩලය ඔබට නිවැරදි උපදෙස් සහ සහාය ලබා දෙයි. අපගේ විශේෂිත චීන සැපයුම් නියෝජිතයින් ඔස්සේ සියලු ක්‍රියාවලීන් සරල හා පහසු කරමින් ඔබේ අවශ්‍යතා සම්පූර්ණ කරනු ලබයි. විශ්වාසයෙන් අප සමඟ එක්වන්න; චීනයේ පිහිටා ඇති අපගේ Alibaba සහාය නියෝජිත කාර්යාල දෙකක් ඔබ වෙනුවෙන් කටයුතු කරයි.
ප්‍රයෝජනවත් සම්පත් - Alibaba හරහා ආරක්ෂිතව භාණ්ඩ මිලදී ගැනීම පිළිබඳ වැඩිදුර කරුණු සඳහා පහත සම්පත් බලන්න:
YouTube මාර්ගෝපදේශ: Alibaba හරහා භාණ්ඩ මිලදී ගැනීමට පෙර බලන්න
වෙබ් පටුන: Alibaba වංචා පිළිබඳ උදහරණ 10ක්
සිංහල වීඩියෝ මාර්ගෝපදේශය: Alibaba වෙතින් ආනයනය කිරීම (Spark Academy)
සටහන: මෙම අන්තර්ගතය Spark Academy මගින් අධ්‍යාපනික අරමුණ සඳහා සම්පාදනය කරන ලදී.